Friday, November 30, 2012

අලුත් මාතර

ඔන්න කාලෙකට පස්සේ අද ගමේ ගියා ,ඒ යන ගමන් අලුත් උනු මාතර නගරේ ෆොටෝ කෑලි ටිකකුත් ගත්තා ,බයිසිකලේ යන ගමන් නිසාත් හවස නිසාත් ෆොටෝ වල පැහැදිලි කම මදි ,ඒ ගැන කමා කරත්වා ,දේශ දීපන්කරවල ඉන්න අපේ ඇත්තන්ට බලාගන්නත් එක්ක තමයි මේ ටික දාන්නේ .




නුපේ හන්දිය 


බ්‍රෝඩ්වේ පාර 


තේක්ක ගහ ගාව 
(@ සයුරි  - තේක්ක ගහනම් කපලා ඔන්න )


යෝදයගේ බයිසිකලේ 


 මහානාම පාලම 


මහානාම පාලම


මේක දැක්කගමන් මතක් උනේ මොකක්ද ?


මේක නේද?මේ නම් මාතර නෙමෙයි ,


මේ නම් මාතර වෙරල උද්‍යානය 


පරෙවි දූවේ පාලම 


පරෙවි දූව 


මාතර වෙරල උද්‍යානය 


වීදි ලාම්පු 


සුනාමි ස්මාරකය 


බ්‍රෝඩ්වේ ෆිල්ම් හෝල් එක (දැන්නම් කාර්ගිල්ස් එක වෙලා )

ගෙහුං එන්නං 

20 comments:

  1. බොහොම අගෙයි අපුරුවදක් නොව ඔහේ කරලා තියෙන්නේ, අර මක්කටෙයි අර කාක් දුපතට පාරයි දුව කියන්නේ? ඔකේ ඉන්න තරමක් ඉන්නේ කාක්කෝ නෙව,
    අපි ගාල්ලේ හරිය

    ReplyDelete
    Replies
    1. ඔහේ දන්නේ නැති උනාට කාක් දූපත තියෙන්නේ තොටමුණ (ගග මූදට වැටෙන තැන )හරියේ ,හරිය

      Delete
    2. හ්ම් .... පොල්හේන මූදු වෙරළට එහෙම ඒ දූපත පේනව, තොටමුණ පැත්තෙ තියෙන පන්සලක ඉඳල ඉතා ආසන්නයෙන් ඒ දූපත තියෙන්නෙ, කාලයක් ඒකෙ පන්සලකුත් තිබුණලු. මේ පැතිවල අය ඒ දූපතට කියන්නෙ ‘ගල්ගොඩියාන‘ වගේ නමක් මට මතක හැටියට.

      පරෙයි දූවෙ නම් කාක්කොන්ට අමතරව දැන් හාමුදුරුවොත් ඉන්නවනේ. ඒකෙ ඉන්න කාක්කො මිනිස්සුන්ට පුරුදුවෙල ළඟටම එනව. මම ගිහිපු දවසක දූපතේ අනෙක් පැත්තෙ අයිනටම ගියා, කාක්කෙක් මගේ උරහිසේ වහන්න වගේ ළඟටම ඇවිත් පියාඹල ගියා, උගේ නියපොතුවලට බෙල්ල හීරුනත් එක්ක. මහ මරුමුස් කාක්කො වගයක් ඉන්නෙ, පන්සල පිටිපස්සට යන එක නම් ටිකක් භයානක වැඩක්, ඒ තරමට කාක්කො.

      Delete
    3. ඒකෙ ඉස්සර පරවියොත් හිටියලු..හරිය

      Delete
    4. අපේ උන්මයි කාක්කොන්ට කන්න දීලා වැඩේ වරද්දාගෙන තියෙන්නේ

      Delete
  2. දැනට අවුරුදු තුනකට විතර කලින් ගියාට පස්සෙ තමා ගියේ නෑ. ඒ ගියේ මාතර කැකුණදුර ද කොහෙද...නම මතකත් නෑ..ඒ වෙලාවෙදී පරවි දූපතටත් ගියා...ඔය පරවි දූපතට පාලම උඩින් යද්දී පහලින් මුහුදේ පේන ගල් මල් වගේ ඉන්න සත්තුන්ගෙ නම මොකද්ද හසරැල්...අනේ මම දන්නෙ නෑ :(

    වෙරළ උද්‍යානය හරිය හරිම ලස්සනයි නේද...

    ReplyDelete
    Replies
    1. වෙරල උද්‍යානය ලස්සන හවසට .ඉර බැහැගෙන යද්දී ,ඔතන ලව් කරපු නැති කෙල්ලෙක් ,කොල්ලෙක් මාතරින් හොයාගන්නත් අමාරුයි ,

      මං නම් එහෙම සත්තු දැක්කේ නැහැ ,සමහරවිට ඉකිරි වෙන්නැති ,උන්නං ගොඩක් විසයි

      Delete
  3. ෆොටෝස් කොලිටි නැති එක නම් ලොකු අඩුවක් හසරැල්, මාතර ටවුන් එක දැන් ගොඩක් ලස්සනයි, මාතර ඇවිත් නැති අයට හිත ඇදිල යන්න තවත් ලස්සන ෆෝටෝස් ටිකක් දාන්ට තිබ්බෙ. (අර ලා නිල් පාටට හුරු ෂර්ට් එකක් ඇඳන් බයිසිමොටෝවෙ පස්සෙ යන්නෙ ඔයාද)

    සුනාමි ස්මාරකය කියන්නෙ අර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියෙන එක නේද? (අර කෙස් කඩාගෙන දරුවෙක්ද කොහෙද අතේ අරන් වැලපෙන කාන්තාවකගෙ ප්‍රතිමාව) මමත් මාතර ටවුන් එක පැත්තෙ ගිහිපු කාලයක් මතක නෑ, මම අන්තිමට යනකොට වෙරල උද්‍යානය හදන්න ගල් ගෙනත් දාලා තිබුණ මතකයි, ඔය විදියට හැදුවට පස්සෙම ඒ පැත්තෙ යන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...මට මතක හැටියටනම් ඔය කාන්තා පිළිමය සුනාමි එකක් නෙමෙයි නේද? ඒක වැලපෙනවා කියලා මට මතක නෑ. ඇඳුම් නැතුව කරේ නැගලා ඉන්න පොඩි එකානම් මතකයි...

      මතක කෙනෙක් කියන්ඩෝ..

      Delete
    2. ඒ පිළිමේ අපේ මොංගල් සමරවීර එයාගේ හිතාදර චන්දිරිකා නෝන සිහිවෙන්න හදාපු එකක් නෙව ,ඒක සුනාමියට කලිනුත් තිබුනා

      Delete
    3. @DDT - ෆොටෝ ගන්න හිතාගෙන ගියපු ගමනක් නෙවි ,ආයිත් පාරක් ගියාම නිවී හැනහිල්ලේ ෆොටෝ ටිකක් දාන්නම් හොදේ

      Delete
    4. // ඒ පිළිමේ අපේ මොංගල් සමරවීර එයාගේ හිතාදර චන්දිරිකා නෝන සිහිවෙන්න හදාපු එකක් නෙව ,ඒක සුනාමියට කලිනුත් තිබුනා //

      ඒකත් එහෙමද, මට නම් ඒක හරියටම මතක තිබුණෙ නෑ, මම හිතුවෙ ඒක සුනාමිය වෙනුවෙන් හදපු එකක්ය කියල. ස්තූතියි හසරැල් මාව නිවැරදි කිරීමට.

      Delete
  4. හපොයි සිනමාවට ගිය කලක්....

    ReplyDelete
    Replies
    1. මාතර තිබුනේ ෆිල්ම් හෝල් 3 යි ,දැන් බ්‍රෝඩ්වේ එකේ කාර්ගිල්ස් ඒක දාලා ,නිව් සිනමා එකේ බැංකුවක් දාලා ,තාම තියෙන්නේ එස්.කේ. එක විතරයි

      Delete
  5. කරකවල අත ඇරියා වගේ..තෑන්ක්ස් ආ

    ReplyDelete
    Replies
    1. තේක්ක ගහනම් කපලා ඔන්න ,මං දිනුම්

      Delete
  6. ඔන්න මමත් ආව මාතර බලන්න.. නිවාඩු පාඩුවේ පරණ පෝස්ට් ටික බලමුකෝ..:)

    ReplyDelete
  7. මාතර වැඩිය ගිහින් නැතත් පින්තුර ටික රස වින්දා . අපේ තාත්තා අන්තිම කාලේ හිටියේ මාතර . සර්වේශස් පාරේ ප්‍රෙස් එකක් කළා .

    ReplyDelete

ඔහෙලා මක්කැයි කියන්නේ