Tuesday, November 13, 2012

මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 01 - දොන් කරෝලිස් අප්පුහාමි මහතා

ඔන්න අද අලුත් වැඩකට අත ගහනවා ,මේ ලිපි පෙලින් බලාපොරොත්තු වෙන්නේ මාතර ජන්ම භූමිය උන මේ වෙනකොට ලෝකෙම දන්නා අය බවට පත්වුණු අය ගැන ඔබ නොදන්නා  විස්තර ගෙන ඒමයි ,

ඉතින් අද හා හා පුරා කියලා විස්තර ගෙන එන්නේ අභිමානවත් මාතර පුත්‍රයෙක් ගැන ,එතුමා තමයි දොන් කරෝලිස් අප්පුහාමි මහතා නැත්නම් දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා ,


1833 මාතර මැද හිත්තැටිය ගමේ පොකුනුවත්තේ උපත ලබන මෙතුමාගේ පියා වෙන්නේ හේවාවිතාරණ ඩිංගිරි අප්පුහාමි මහතායි ,හිත්තැටිය රජ මහා විහාරය ඇසුරේ හැදී වැඩෙන මෙතුමා ජෝතිෂය පිලිබදව ඉගෙන ගන්නවා ,තමන් ඉගෙන ගන්නා ශාස්ත්‍රය අනුව සහ ගුරු හාමුදුරුවන්ගේ උපදෙස් අනුව තමන්ගේ ජය භූමිය සොයා කොළඹට එනවා ,

කොළඹදී ව්‍යාපාරික කටයුතු අරබන මෙතුමා 1860 දී කොළඹ ව්‍යාපාරික මහතෙකු වන ලන්සිගේ අන්දිරිස් පෙරේරා ධර්මගුනවර්ධන මහතාගේ දුවණිය වන මල්ලිකා ධර්මගුනවර්ධන මෙනවිය සමග විවාපත් වෙනවා ,



කොළඹ පිටකොටුවේ H.DON KAROLIS නමින් ගෘහ භාණ්ඩ වෙලදසැලක් අරබනවා ,මෙම භාණ්ඩ වල තිබූ උසස් නිමාව නිසා ලෝක ප්‍රසිද්ද තත්වයට පත්වෙනවා ,

තේ අපනයන හැරුණු කොට වෙනත් දෙයක් ගැන සිතීමටවත් බැරිඋනු 1886 තරම් ඈත යුගයකදී ඔස්ට්‍රේලියාවට ගෘහ භාණ්ඩ අපනයන කිරීමට මේ වනවිට H.DON KAROLIS & SONS නමින් පැවතුනු මෙම ආයතනය සමත් වෙනවා ,

1895 දී ලන්ඩන් නගරයේ අරඹන ව්‍යාපාරික ස්ථානය මගින් දකුණු අප්‍රිකාවට ,ඉන්දියාවට , බුරුමයට ,යුරෝපයට සහ ඇමෙරිකාවට භාණ්ඩ අපනයන කටයුතු පටන්ගන්නවා ,මෙම කාලෙයේදීම කොළඹ පටන් ගන්නා වාෂ්ප මගින් ගෘහ භාණ්ඩ නිපදවීම ඉතා ජනප්‍රිය වෙනවා ,



20 වන සතවර්ෂයේ මුල් කාලයේදී ලෝකය පුරා පවත්වන ගෘහ භාණ්ඩ ප්‍රදර්ශන වලදී සම්මාන දිනාගන්නත් මෙම සමාගම සමත් වෙනවා ,එහි ප්‍රතිපලයක් විදිහට එංගලන්තය ඇතුළු යුරෝපාකරයේ රජ පවුල් වල භාවිතය සදහා මෙම භාණ්ඩ ලබාගැනීමට ඔවුන් කටයුතු කරනවා .



මෙම කාලයෙදී හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ප්‍රදානත්වයෙන් රටපුරා පැනනගින බොදු පුනර්ජීවනයේ මුලිකත්වය ගන්නා මෙතුමා වෙසක් නිවාඩුව සහ බෞද්ධ ධජය  නිර්මානයේදීත් මුල් වී කටයුතු කරනවා ,එමෙන්ම මාතර හිත්තැටිය රජමහා විහාරය ඇතුළු විශාල විහාර ගණනක් ගොඩනන්වන්නත් මෙතුමා තමන්ගේ ධනය නිර්ලෝභීව යොදවනවා .

පුතුන් 4 දෙනෙකුගේ සහ එක දියණියකගේ පියා වන මෙතුමාගේ පුතුන් දෙදෙනෙක් පියාගේ වෙළද ව්‍යාපාර භාරව කටයුතු කරනවා ,වඩාත් ප්‍රසිද්ද වන අනෙත් පුතුන් දෙදෙනා තමයි දොන් ඩේවිඩ් හේවාවිතාරණ සහ දොස්තර චාල්ස් අල්විස් හේවාවිතාරණ,මෙයින් දොස්තර සී ඒ හේවාවිතාරණ මහතා නිදහස් සටනේ පුරෝගාමියෙකු වෙනවා ,දොන් ඩේවිඩ් හේවාවිතාරණ නොහොත් දෙටු පුත්‍රයා ලෝකප්‍රසිද්ද වෙන්නේ අනගාරික ධර්මපාල නමින්,



එමෙන්ම මෙතුමාගේ බෑනා වන කුමාරදාස් මුණසිංහ මහතා තමයි අලියා ගිනි පෙට්ටි සමාගම පටන්ගන්නේ ,මෙලෙස රටටත් ජාතියටත් අමිල සේවයක් කල මෙතුමා 1906 පෙබරවාරි මස 18 වෙනිදා දැයෙන් සමුගත්තා ,

තොරතුරු සහ චායාරූප අන්තර්ජාලයෙනි .

15 comments:

  1. ආඩම්බර වෙන්න පුළුවන් අපිට.

    ReplyDelete
    Replies
    1. නැත්තන් නැත්තන් ,ඔහෙත් මාතරෙයි ?

      Delete
  2. කරෝලිස් අප්පුහාමි මහතාගේ පුතා අනගාරික ධර්මපාල තුමා කියලා කවදාවත් දැනගෙන හිටියේ නෑ. ඒ පවුලම රටට වැඩක් කරපු පවුලක් වගේ. ඇත්තටම ආඩම්බරයි.

    "සනත් ජයසූරිය" අයිති වෙන්නෙත් මේ ලිපි පෙළට නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ,මං ඒ ලිපියේදී බලාපොරොත්තු උනේ සනත්ගේ ක්‍රිකට් විප්ලවය ගැන කතා කරන්නයි ,සනත් ගැන සවිස්තර පොස්ට් 1 ක් මේ ලිපි පෙළ යටතේ ඉදිරියේදී දානවා

      Delete
    2. ඔය පරම්පරාවෙ සමහර අය සුදු ජාතිකයින්වත් බැඳල මේවෙනකොට

      Delete
    3. වෙන්නැති ,ලංගම දියුණු කරපු අනිල් මුණසිංහ මහතාත් මේ පවුලේ ඊලග පරපුරේ කෙනෙක්

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අද මේපැත්තට ආවත් සෑහෙන්න රසවත් සහ වැදගත් දේවල් ඉගනගන්න පුළුවන් තැනක්. දොන් කරෝලිස් ලීබඩු වගේම අනගාරික ධර්මපාල පරපුරේ අගනා විස්තරයට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මගේ අරමුණත් අපි දන්නා දේ බෙදා හදා ගැනීමයි

      Delete
  5. දොන් කරෝලිස් අප්පුහාමි මහත්මය ගැන නම් මම කලින් කියවල තිබුණ, ඒ වුනත් මේ වැඩේ වටිනව මචං. අපි නොදන්න අය ගැනත් ඉදිරියෙදි ලියවෙන්න පුළුවන්නේ. අනෙක මේ මාතෘකාව යටතෙ ලියන්න චරිතවලින් අඩුවක්නම් වෙනකක් නෑ. මොකද මාතර ඉපදිල රටට වැඩක් කරපු ලෝක ප්‍රසිද්ධ වුනු මිනිස්සු කොච්චර ඉන්නවද, කොටින්ම රටේ අංක එකට එන හැම වැඩකාරයම මාතර !

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ,මට හිතාගන්න බැරි උනේ කවුරු ගැන ඉස්සෙල්ලා ලියනවද කියලා

      Delete
  6. ඉතාම වටිනා ලිපියක් . දැන් ලි භාණ්ඩ වෙළඳපොල අපෙන් ගිලිහිලා නේද .

    කැලණියේ අලියා ගිනි පෙට්ටි කම්හල මට මතකයි .කැලණියේ ගිනි පෙට්ටි කම්හල් දෙකක් තිබුනා . එකක් ද්‍රවිඩ ජාතිකයෙක්ගේ . අනික අලියා . දෙකම වැහුනා . අනික් සමාගම නම් වැසුනේ 83 පසු ඔහු රට හැර ගිය නිසා .

    අලියා කම්හල මොකද කියන්න මට මතක නැහැ .

    ReplyDelete
    Replies
    1. ඒත් තාමත් දොන් කරෝලිස් ගෘහ භාණ්ඩ අපනයනය කරනවා ,මතක තියාගන්න ලී භාණ්ඩ නෙමෙයි ගෘහ භාණ්ඩ ,හරිය

      Delete
  7. මමත් අහල තියෙනවා ඔය දොන් කරෝලිස් සමාගම ගැන බදු ගිනි ගණන්ලු හැබැයි පරම්පරාගානකට ෂුවර් කරන්න පුළුවන්ලු නියම ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත ,ඒ බදු ගන්න පුළුවන් ඉතින් එහෙමත් එකෙක්ට තමයි

      Delete

ඔහෙලා මක්කැයි කියන්නේ