Monday, November 12, 2012

මාතර අපි කාගේත් සුන්දරී - රුහුණු කුමාරි

මේක කියවන ඔහෙලා මාතරනම් ජීවිතේ එකපාරක් හරි රුහුණු කුමාරි එකේ ගිහින් ඇති ,ඒක ඒ තරම්ම මාතර ජනතාවගේ ජීවිතත් එක්ක බැදිලා තියෙන්නේ ,සමහර අය උදේට ඇහැරෙන්නෙත් රුහුණු කුමාරිගේ හූවට ,හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි ඩී බී රම්පාල මහතාගේ අදහසක් අනුව නම් පටබැදුනු රුහුණු කුමාරි මේ වෙනකොට ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු දිගම දුම්රිය වෙනවා ,රුහුණු කුමාරි තමන්ගේ මංගල ගමන සිදුකරේ 1956 අප්‍රියෙල් මස 23 වෙනිදා උඩරට මැණිකේ සහ යාල් දේවි නම් ඇගේ සහෝදරියන් සමග එක්වයි ,මෙන්න ඒක ගැන පත්තරේ ගිය දැන්වීමක්



ඔන්න ඔය කාලේ මාතර ඉස්ටේසමේ පින්තුර ටිකකුත්


 



මාතර කොච්චි ඉස්ටේසම 

මාතර කොච්චි ඉස්ටේසම 


මාතර කොච්චි ඉස්ටේසම 

ඉස්සර උදේ 5.30 මාතරින් ගමන ආරම්බ කරපු කුමාරි කොටුවට එනකොට උදේ 9.45 විටර උනා ,මුල් කාලේ ඉදලම එන්ජිමක් මගින් ඇදගෙන ගිය කොච්චි පෙට්ටිවලින් සමන්විත් උණු මෙයා දැන් බලවේග කට්ටල දෙකක පිහිටෙන් ඉගිලෙනවා,නවීකරණ කරපු දුම්රිය පාරත් ඒකට උදවු වෙනවා ,දැන් මාතර ඉන්න කොළඹ වැඩකරන ගොඩදෙනෙක් ගෙදර ඉදලම වැඩට එනවා මේ නිසා,දැන් උදේ 6.05 ට මාතරින් පිටත්වෙන කුමාරි උදේ 8.45 වෙනකොට කොටුවට එනවා ,ඔන්න බලාගන්න දැන් කුමාරිගේ දිගේ තරම 




හැබැයි දැන් අපි පොඩි කාලේ ආසාවෙන් බලන හිටපු දෙයක් නම් තවදුරටත් දැන් පොඩි බබාලට දකින්න ලැබෙන්නේ නෑ,ඒ තමයි ගාල්ලේදී එන්ජිම ගලවලා හයිකරන ඒක ,දැන් ඉතින් දෙපැත්තටම එන්ජින් නිසා 
ඒක තවදුරටත් වලංගු නැහැ ,

අදට ඉතින් ඔච්චරයි ,අපේ යාලුවොන්ට රුහුණු කුමාරි සමග බැදුණු රසවත් මතකයන් ඇත්නම් සදහන්කරන මෙන් ඉල්ලා සිටිනවා ,

ගිහින් එන්නම් 

9 comments:

  1. ඔන්න සහයොගය.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. ස්තුතියි සහෝදරී ,ඇත්තටම මේක අපි කාටත් තමන්ගේ අදහස් දක්වන්න පුළුවන් නවාතැනක්

    ReplyDelete
  3. පින්තූර ටිකනම් උපරිම වටිනවා.

    මමත් රුහුණු කුමාරියේ ගිහින් තියනවා ඉතින්. ගාල්ලට යනකන් ඉස්සරහ බලාගෙන යන අය ගාල්ලෙන් පස්සේ යන්නේ පස්ස බලාගෙන :) එන්ජින් දෙක උනාට පස්සෙනම් මම ගිහින් නැහැ.

    ReplyDelete
    Replies
    1. ගාල්ලට මෙහා තියෙන බිංගේ ඇතුලෙන් යනකොටනම් අපි නොවැරදීම හූ කියනවා

      Delete
    2. මට මෙන්න මේක තේරුණේ නැහැනේ.. කෝච්චි එන්ජිම ඒ පැත්තට මේ පැත්තට හැරෙන එක හරි..ඒ උනාට කෝච්චි පෙට්ටි හැරෙන්නේ නැහැනේ...

      Delete
  4. ඔයාගේ බ්ලොග් එකට සුභ පතනවා. දිගටම ලියන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !!!
    මම ඉස්කෝලේ යන කාලේ රුහුණු කුමාරියේ ගියේ කළුතර ඉඳල අලුත්ගමට. එතකොට අර පරණ එන්ජිම තියෙන කාලේ. විනාඩි 12 ටත් කළුතර ඉඳල අලුත්ගමට යන දවස් තියෙනවා. එහම ගිහින් හරි වෙලාව එනකම් අලුත්ගම නතර කරන් ඉන්නවා. ඉස්සර මම හරිම කැමතියි තාත්තත් එක්ක කැන්ටිමට ගිහින් තේ බොන්න. එතන එන ගෑස් සුවඳට මම ඒ කාලේ හරි ආසයි.

    මම ලඟදි අලුත් කෝච්චියෙන් ගමේ ගියා. දෙවෙනි පන්තියේ ටිකට් අරගෙන හිටගෙන යන්න වුනා. යද්දී මගේ ෆෝන් එකෙන් මැප් එක ඕන් කරගෙන ගියා. පුළුවන් වුනොත් එක ඔයාට එවන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුබාෂ් අයියා ,දැන් රුහුණේ යන්න පුදුම සෙනගක් ඉන්නේ පවර් සෙට් 3 ක් දැම්මත් ඒක පිරෙන්නත් සෙනග ඉදීවි ,ඇත්තටම කලට වෙලාවට යනවනම් දුම්රිය සේවාව පාඩු ලබන එකක් නැහැ

      Delete
  5. මාවත් එක්කගෙන ගිය ඔය අනගිම මාරුකරනවා බලන් 199 වල වගේ මම හරි පොඩියි. මාතර ඉඳන් එන දුම්රිය එන්නේ නිකන් අනෙක්පැත්තට එනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වෙන කොහෙවත් එහෙම ස්ටේසමක් දකින්න නැහැ

      Delete

ඔහෙලා මක්කැයි කියන්නේ