Showing posts with label නිවාඩුවට travel එකක්. Show all posts
Showing posts with label නිවාඩුවට travel එකක්. Show all posts

Friday, November 30, 2012

අලුත් මාතර

ඔන්න කාලෙකට පස්සේ අද ගමේ ගියා ,ඒ යන ගමන් අලුත් උනු මාතර නගරේ ෆොටෝ කෑලි ටිකකුත් ගත්තා ,බයිසිකලේ යන ගමන් නිසාත් හවස නිසාත් ෆොටෝ වල පැහැදිලි කම මදි ,ඒ ගැන කමා කරත්වා ,දේශ දීපන්කරවල ඉන්න අපේ ඇත්තන්ට බලාගන්නත් එක්ක තමයි මේ ටික දාන්නේ .




නුපේ හන්දිය 


බ්‍රෝඩ්වේ පාර 


තේක්ක ගහ ගාව 
(@ සයුරි  - තේක්ක ගහනම් කපලා ඔන්න )


යෝදයගේ බයිසිකලේ 


 මහානාම පාලම 


මහානාම පාලම


මේක දැක්කගමන් මතක් උනේ මොකක්ද ?


මේක නේද?මේ නම් මාතර නෙමෙයි ,


මේ නම් මාතර වෙරල උද්‍යානය 


පරෙවි දූවේ පාලම 


පරෙවි දූව 


මාතර වෙරල උද්‍යානය 


වීදි ලාම්පු 


සුනාමි ස්මාරකය 


බ්‍රෝඩ්වේ ෆිල්ම් හෝල් එක (දැන්නම් කාර්ගිල්ස් එක වෙලා )

ගෙහුං එන්නං 

Tuesday, November 13, 2012

නිවාඩුවට travel එකක් - මාතර නගරය අවට

ඔන්න අද මං ඔහෙලට ගේන්නේ ඔහෙලා මාතර එනවනම් හරි නැත්නම් මාතර පහුකරගෙන කොහෙහරි යනවනම් හරි යන එන ගමන් බලන්න යන්න පුළුවන් තැන් ටිකක් ගැන විස්තර ටිකක් ,මේ ඕනෑම තැනක් බස් එකේ ගිහින් බලන්න පුළුවන් ,නැත්නම් අලුතින් රේසින් කාර් එකක් අරගෙන බලන්න යන්නත් පුළුවන්.

01.නුපේ ලන්දේසි වෙළදපොළ [nupe dutch market]

මාතර නගරයට පිවිසෙන විටම නුපේ හන්දියේදී දකුණු අත පැත්තෙන් දකින්න පුළුවන් ,ලන්දේසි කාලයේ ගොඩනගපු වෙළදපොලක් දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරලා තියෙනවා.

02.මාතර තාරකා කොටුව [ star fort ]



ලන්දේසීන්ගේ කාලෙම ගොඩනංවන ලද්දකි ,මෙහි විශේෂත්වය තමයි තරුවක ආකාරයට ගොඩනංවා තිබීම ,දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර ඇත,මාතර ඉතිහාසය පිළිබද කෞතුකාගාරයක්ද පිහිටුවා ඇත .මාතර බෝධිය පහුකරපු ගමන් උයන්වත්ත පිට්ටනිය ලගම ඔබේ වම් අත පැත්තෙන් දකින්න පුළුවන් .

03.මාතර කොටුව [matara dutch fort ]


මාතර වෙරල තීරයටත් නිල්වලා ගඟටත් අතර පිහිටා ඇත,බීච් ඒකට යනවනම් ඒ ගමන්ම යන්න පුළුවන් ,ඒ ගමන්ම කොටුව ඇතුලේ පැරණි ගොඩනැගිලි බලන්න යන්නත් පුළුවන් ,රසට කෑම වේලක් ගන්නත් විවේකෙට ඉන්නත් පුළුවන් විදිහට දැන් මාතර තානායමත් නවීකරණය කරලා තියෙනවා ,


04.මාතර බෝධිය 

මාතර යනවනම් අනිවාර්යෙන්ම යන්න .

05.මාතර කතෝලික පල්ලිය [ st. mary's church ]


මාතර වෙරල මාවතේ පිහිටා ඇත ,ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගේ නොමද ගෞරවයට පත් ස්ථානයකි ,

06.පරෙවි දූපත සහ පාලම 


මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට වෙරළේ පිහිටා ඇත ,දැන් මෙහි රෝහණ පාර්ශ්ශවයේ පොහොය ගෙය පිහිටුවා ඇති බැවින් බලන්න යනවනම් විනීත ඇදුමකින් සැරසී යන්න ,නැත්නම් ආපසු හරවා එවාවි .

07.මාතර වෙරළ [ matara beach ]


හැන්දෑවකට යන්න කියාපු තැනක් ,නානවානම් පොල්හේන වෙරළට යන්න ඕන ,මාතර බස් ස්ටෑන්ඩ් ඒක ළග වෙරළ නෑමට සුදුසු නැ ,එතන දියවැලක් තියනවා ඒකට අහුවුනොත් රුහුණු කැම්පස් එක ලගින් ගොඩට එන්න පුළුවන් ,හැබැයි පණපිටින් නම් නෙමෙයි .

08.රුහුණු විශ්වවිද්‍යාලය [ ruhunu university]


මේක බලන්න යන්නනම් එක්කෝ විබාගේ හොදට පාස් වෙන්න වෙයි නැත්නම් විශේෂ අවසරයක් ගන්න වෙයි ,මාතර පහුකරලා කතරගම යනකොට ඔබේ වම් අත පැත්තෙන් දකින්න පුළුවන් ,

09.දෙවිනුවර ප්‍රදීපාගාරය [dondra light house ]


අපේ රටේ දකුණු කොන ,ලස්සන තැනක් ,දැන්නම් උඩට නගින්න දෙන්නේ නැහැ ,මේකේ විශේෂත්වය තමයි මේ ප්‍රදීපාගාරයට පස්සේ ලෝකේ දක්ෂිණ ද්‍රවයට යනකම් කිසිම ප්‍රදීපාගාරයක් දකින්න නැහැ ,බස් එකේ යනවනම් දෙවිනුවර දේවාලේ ගාව බැහැලා ත්‍රී වීල් එකකින් යන්න ,මං හිතන්නේ රුපියල් 100 ක විතර දුර 

10.දෙවිනුවර ශ්‍රී උපුල්වන් දේවාලය 


බොහොම අනුහස් ඇති තැනක් ,අනිව්වර්යේන්ම යන්න .මෙතෙන්ට යනවනම් තව පොඩි තැනක් තියෙනවා එතනටත් යන්න ,ඕන කෙනෙක්ගෙන් පාර ඇහුවම කියාවි ,


මෙතෙන්ට කියන්නේ "ගල් ගේ" කියලා ,පුරාන විෂ්ණු දේවාලය හැටියත් සලකනවා ,

11.වෙහෙරහේන විහාරය 


මාතර බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා කැකනදුර බස් එකක යන්න ,එතකොට පන්සල ලගින්ම බහින්න පුළුවන් ,බුදු පිළිමය වන්දනා කරනවා වාගේම සිත්තම් ලෙන් විහාරය බලන්නත් යන්න ,ආ .. සල්ලි කන මල්ලි ඉන්නෙත් මේ පන්සලේ [ පින් කැටයක් එහෙම  යට ගහලා තිබුනා  ,දැන්නම් ඒක මකලද දන්නේ නැහැ ]

ඔන්න අද මං ගෙනාවේ මාතර නගරය අවට ඔහෙලට බස් එකේ උනත් ගිහින් බලන්න පුළුවන් තැන් ටිකක් ,ඉදිරියේදී මෙම තැන් ගැන සවිස්තරව විස්තර ගේන්නත් මං බලාපොරොත්තු වෙනවා ,

ගිහින් එන්නම් .

ප . ලි .කවුරුහරි පන පිටින් අපාය දැකලා තියෙනවාද ?මාතර එහෙම බලන්න පුළුවන් තැනක් තියෙනවා ,කියමුද බලන්න ,ඒ තැන ඇතුළුව තවත් වැදගත් තැන් ගැන විස්තර ඉදිරියේදී .....