Friday, November 9, 2012

මාතර කිව්වම ඉස්සෙල්ලම මතක්වෙන්නේ කවුද ?



මෙයාද ?

නැත්නම් 


මෙයාද ?

මක්ක උනත් මන් හිතනවා තාමත් ඔහෙලට මතක වෙන්නේ උඩ පින්තුරේ ඉන්න කෙනයි කියලා ,සමහර අයටනම් පහල කෙනත් මතක වෙන්න පුළුවන් ,කොහොම උනත් අද අපේ අරමුණ උඩ කෙනා ගැන කතාකරන්නයි ,

නමනම් ඔහෙලා දන්නවනේ - සනත් ටෙරාන් ජයසුරිය නැත්නම් දන්නා සිංහලෙන් කිව්වොත් Master Blaster.1969 උපන් සනත්ගේ දෙමව්පියන් උනේ ඩන්ස්ටන් ජයසුරිය මහතා සහ බ්‍රීඩා ජයසුරිය මහත්මියයි .චන්දන ජයසුරිය නමින් වැඩිමහල් සොහොයුරෙක් සනත්ට ඉන්නවා ,මාතර සෙන්ට් සර්වේසස් විදුහලින් ඉගෙනගත්ත සනත්ට ක්‍රිකට් වල මුල් අත්පොත් තියන්නේ පාසලේ ක්‍රීඩා ආචාර්ය ලයනල් වගසිංහ මහතායි .

කොහොම උනත් අද මන් බලාපොරොත්තු වෙන්නේ සනත් ගැන කවුරුත් දන්නා දේවල් කතා කරන්න නෙමෙයි ,ඔහුගේ ක්‍රීඩා විලාශය පිලිබදව පොඩි සාකච්චාවක් කරන්නයි ,

සුද්දන්ගේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් වර්තමානයේදී කල්ලන්ගේ ක්‍රීඩාවක් බවට පත්වෙලා ,එහෙම උනේ කොහොමද ?ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවුණු හොදම පිතිකරුවා හැටියට සලකන්නේ ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් මහතායි ,එහෙත් ඔහු පවා ක්‍රීඩා කලේ තමන්ට ලැබිලා තියෙන සීමා මායිම් අතරෙයි ,ඒත් මෙන්න මේ සීමා මායිම් කඩාගෙන බිදගෙන සනත් ක්‍රීඩා කල විලාශය තමයි වර්තමාන ක්‍රිකට් උන්මාදය ඇතිවීමට හේතු උනේ ,කාටහරි මතකනම් කල්පනා කරලා බලන්න 1996 ලෝක කුසලානෙට කලින් මැච් එකක් ආරම්බයේ පටන් අවසානය දක්වා බැලුවේ කීයෙන් කී දෙනාද කියලා ,

මේක වෙනස් උනේ සනත් ඇතිකළ විප්ලවයෙන් ,දැන් ජනප්‍රියම 20-20 ක්‍රිකට් ඇතිවීමට පවා මුලික උනේ මෙන්න මේ වෙනසයි ,හැබැයි සනත් ඇතිකළ විප්ලවය ඔහු ඇතිකළේ දැන් දැන් ක්‍රිකට්වල තියෙන පොල් අඩි වලින්නම් නෙමෙයි ,ඒකනම් සදහන් කලයුතුමයි ,


මෙන්න මේ පිතිප්‍රහාරය එල්ල කරන අන්දම බලන්න ඔබ කෙතරම් ආසා කරන්න ඇතිද ,අන්න ඒ නිසා තමයි සනත් විශේෂ වෙන්නේ ,තමන්ටම ඔබින ආවේනිකතාවයක් ගොඩනගා ගැනීම එතරම් ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි ,අද උනත් කොච්චර බැන්නත් සනත් මැච් එකක් සෙල්ලම් කලොත් දැන් නැතුවට දැන් ගහවි ,කියලා හිතෙන්නේ නැති කෙනෙක්  ඉන්නවද ?




ගිහින් එන්නම් ,

ප ලි - සාකච්චාවට ඉඩ සලසා ඇත ,

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සනත් හින්දා ක්‍රිකට් වල පිබිදීමක් ඇති උනා කියන එකට මම එකඟයි..96 වර්ල්ඩ් කප් කාලේ තමයි එහෙම උනේ. අපි පොඩි උනත් මට හොඳට මතකයි මොකද්ද මැච් එකක් පැරදුනා කියලා මනුස්සයෙක් ලිඳේ පැනලා තිබුනා. එච්චරට ක්‍රිකට් උන්මාදේ.

    දැන් මොනවා කිව්වත් සනත් කියන්නේ ලංකාවට හොඳ නමක් අරන් දීපු වීරයෙක්. ඕනම දෙයක් ඕනවට වඩා කාලයක් කරන්න හදනකොට ඇතිවෙන පිරිහීමත් දේශපාලනයත් හින්දා ඒ හොඳ නම පොඩ්ඩක් කැත උනාද මන්දා. අපරාදේ..

    ReplyDelete
  3. එකඟයි ,මාත් හිතනවා නියම කාලේ සමුනොදීම සනත් ගත්ත වැරදි තීරණයක් කියලා ,ඇත්තටම ජනතාව සනත්ගෙන් බලාපොරොත්තු උනේ දේශපාලනය වගේ දෙයක් නෙමෙයි ,සනත්ලා ක්‍රිකට් ටීම් එකට එන්න කලින් එකේ හිටියේ කොළඹ ක්‍රීඩකයෝ විතරයි ,ඇත්තටම ක්‍රිකට් ගමට ගෙනිච්චේත් සනත්ලාගේ පරපුර ,එක නිසා සනත් ගමේ ක්‍රිකට් දියුණු කරන්න යොමු උනානම් මීටවඩා හොදයි ,දැන් උනත් පරක්කු නැහැ

    ReplyDelete
  4. හොද බ්ලොග් එකක්

    වෙලාවක් තිබුනොත් මේ පැත්තෙත් එන්න

    emb-zone.blogspot.com

    ReplyDelete
  5. දේශපාලනේට සම්බන්ද උනා කියන්නේ ඕනෙම සුපිරි පොරක් නැත්තට නැති වෙනවා. ජනප්‍රිය කම බහිනවා අර්ජුනට උනෙත් ඒක සනත්ට උනෙත් ඒක. ඔහු සැබෑ දක්ෂයෙක් කියන එකනම් අනිවාර්යයෙන් කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අපේ කෝරලේ මහත්තයෝ

      Delete

ඔහෙලා මක්කැයි කියන්නේ