Saturday, November 17, 2012

පාන්දරින් ඉස්කෝලෙට බක්කි කරත්තෙන්



අද මං කියන්න යන්නේ මාතර අපි කාටත් හුරුපුරුදු දසුනක් වෙලා තිබිච්ච දැන් බේතකටවත් හොයාගන්න නැති බක්කි කරත්ත ගැනයි ,අපි පොඩි කාලේ නගරේ ඉස්කෝල ළග උදේටයි දවල්ටයි දකින්න තිබුණු සුලබ දසුනක් වන බක්කි කරත්ත දැන් සමාජයෙන් සැගවිලා ගිහින්

යටත් විජිත යුගයේදී මාතර ඇරබුනු රාහුල ,සුජාතා ,ශාන්ත තෝමස් ,ශාන්ත සෙර්වේසස්,මාතර කන්‍යාරාමය වගේම ඉන් පසුකාලීනව ඇතිවුණු මධ්‍ය මහා විදුහල ,මහාමායා විදුහල වැනි පාසල් වලටත් ළමුන් ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයක් වශයෙන් අනුව දශකයේ මැදක් වනතුරුම මෙම බක්කි කරත්ත පැවතුනා ,

බොහෝ දුරට මෙම බක්කි කරත්ත ළමුන් බාරගත්තේ එක පාසලකට එන ළමුන් පමණයි ,මොකද පාසල් දෙකක් අතර යාමට වැයවන කාලය වැඩි නිසා ,ඒත් රාහුල ,සුජාතා පාසල් එකිනෙක ළග පිහිටා තිබීම නිසා එම පාසල්වල සිසුන් එකම බක්කි කරත්තවල ගෙනගොස් අරලීමටත් බාරගනු  ලැබුවා ,

විශේෂයෙන්ම මෙලෙස බාරගත්තේ ප්‍රාථමික පන්තිවල සිසුන් වූ අතර එයට හේතු වන්නට ඇත්තේ බක්කි කරත්තයේ තිබුණු කුඩා ඉඩකඩ ඇතුලත ගෙනයාහැකි උපරිම ප්‍රමාණයක් ගෙන යාම වියහැකියි ,එමෙන්ම ඉහල පන්තිවල සිසුන් බක්කි කරත්තෙන් පාසල් යෑමට දැක්වූ අකමැත්තත් වියහැකියි ,

මෙලෙස ගෙවල් වලින් බාරගත් සිසුන් පාසැල ලගට ඇරලීමට යාමේදී සමහර බක්කි කරත්ත රියදුරන් එම ළමුන්ගේ පාසල් බෑග,වතුර බෝතල් පන්තියටම ගෙනගොස් දෙනවා ,පාසැල ඇරෙන වෙලාවට ගේට්ටුව ගාව ඉදගෙන තමන්ගේ ළමුන් එකතු කරන බක්කි කරත්ත රියදුරන් දකින්නට හැකියි ,

ළමුන් පාසලට ඇරලු පසු තමන්ගේ බක්කි කරත්තයේ බැද සිටින ගොනාට ආහාර සැපයීමටත් එකිනෙකා සමග සතුටු සාමීචියේ යෙදීමටත් 
බක්කි කරත්ත රියදුරන් තෝරාගත් තැන් තිබුනා ,මාතර රාහුල පාර ,ඉසදීන් නගරය අවට එවැනි තැන් කීපයක් ,මේ බක්කි කරත්ත අතර ලස්සන ලෙස සරසා තිබු බක්කි කරත්තත් තිබුනා , ඒ විතරක්ද සමහර ඒවායේ පොඩි රේඩියෝවක් පවා තිබුනා ,

අනුව දශකයේ අග බාගයේ ඇතිවූ වාහන තදබදයේ ඉහල යාමත් ,සිසුන් බක්කි කරත්තවල යෑමට දැක්වූ මැලිකමත් මේ ඔක්කොටම වඩා ඉහල ගිය පාසල් වෑන් ගණනත් නිසා කෙමෙන් කෙමෙන් මේ බක්කි කරත්ත සමාජයෙන් තුරන් වෙලා ගියා ,දැන් ඉතින් ළමයෙකුට බක්කි කරත්තයක් දකින්න තියෙන්නේ රූපෙකින් හරි කෞතුකාගාරෙකින් හරි විතරයි ,

චායාරූප ගත්තේ - http://lankapura.com

23 comments:

  1. මාතෘකාව දැක්ක ගමන් අර සින්දුව මතක් උනා... බක්කි කරත්තයේ වග තුග අපූරුයි...කිව්වත් වගේ දැන් කොහෙද බක්කි කරත්ත. හැබැයි කොළඹ ටැන්ටු කරත්ත නම් තියෙනවා දැක්ක එක වෙඩිමකට ගිය වෙලාවෙදි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ දන ඒවා ප්‍රදර්ශන භාණ්ඩ විතරයි ,සංචාරක හෝටල් වල සුද්දෝන්ට යන්නත් බක්කි කරත්ත තියන් ඉන්නවා

      Delete
  2. අපිත් ඉස්සර ගාල්ලේ ගියාම ඉට්ටෙසමෙ ඉඳල මහ ගෙදරට යන්නෙ බක්කි කරත්තෙන්. වහල කෑල්ල කහ පාට එළියේ අතින් කඩන මීටරයක් තියෙන මොරිස් මයිනර් ටැක්සිත් තිබුනා. නමුත් කාළයාගේ ඇවෑමෙන් මේවා නැතිවෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. කීවාම තමයි මටත් මතක් උනේ ,මාතර ඉස්ටේසම ලගත් බක්කි කරත්ත තිබුනා ,

      අපේ එහා ගෙදර හිටපු මාමා ඒ දවස්වල පිටකොටුවේ බෝධිය ලග මොරිස් මයිනර් එකක් තියාගෙන හයර් දිව්වා ,දැන් පිටකොටුවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්න කෙනෙක් ඒ දවස්වල වීදී දරුවෙක්ලු ,හයර් යන්නැති රෑ වෙලාවට කාර් එකේ ඩිකිය ඇරලා දුන්නම ඒකට වෙලා නිදාගන්නවලු ,කොහොමහරි ඒ මාමාගේ කාලෙම දියුණු උණු මිනිහා ඒ මාමගේ පුතාට රස්සාවකුත් දුන්නා තමන්ගේ කඩේක ,කොහොමද වැඩේ

      Delete
  3. අපේ ආත්තම්මලගෙ ගෙදරත් අපි පොඩි කාලෙ බක්කි කරත්තයක් තිබුණ. ලීය එහෙම හොඳට පොලිෂ් කරල පිත්තල කෑලි රත්තරන් වගේ දිලිසි දිලිසි තිබුණ මතකයි. ඉස්සරහින් හතර පැත්තෙන් වීදුරුවලින් වටවෙච්ච ලස්සන ලාම්පුවකුත් තිබුණ. ඒ දවස්වල සුජාතෙට ගියපු අපේ අක්ක කෙනෙකි තව ළමයි දෙතුන් දෙනෙක් උදේට ඉස්කෝලෙ යනව ඒකෙ.

    පොඩි කාලෙ තාත්ත එක්ක තාත්තලගෙ ඔෆිස් එකට යද්දි (මාතර කච්චේරිය) කොටු දොරකඩ දැන් යුධහමුදා වෙළඳ සැල තිබෙන තැන ඉදිරිපස පාර අයිනෙ නිතරම බක්කි කරත්ත 4-5 ක් නවත්වල තිබුණ මතකයි.

    ReplyDelete
    Replies
    1. දැන් ළමයින්ට කරත්තෙක යන්න කිව්වොත් කොහොමට හිටීවිද

      Delete
  4. රස බර අතීතයක්, මමනම් නැගලවත් නෑ..!

    ReplyDelete
    Replies
    1. බක්කි කරත්තෙට නගින කොට පරිස්සමෙන් නගින්න ඕන ,නැත්නම් ඉස්සරහ උඩ යනවා

      Delete
  5. http://www.mawbima.lk/55-4689-news-detail.html

    මේකත් කියවලා බලන්නකො.මාතර බක්කි ගැන මවුබිම පත්තරේ ගිය ලිපියක්

    ReplyDelete
  6. අපේ ඉස්කෝලේ හොස්ටල් එකේ තිබුණා බක්කි කරත්තයක්. හැබැයි කවුරුවත් ඒකෙ යනවා මම දැකලා නෑ. ඒක ලස්සනට තියලා තිබුණා මම හිතන්නේ. අපිනම් ආසාවට ඒකට නැගල තියනවා.

    ReplyDelete
    Replies
    1. මං දැකල නෑනේ ,ඒක ඇද්දේ කවුද?

      Delete
    2. කවුරුවත් ඇද්දේ නෑ. එක තැන නවත්තලා තිබුණා විතරයි :ඩි

      Delete
  7. මම අසූව දශකෙයෙ අය බාගයෙ මාතර ස්ටේෂන් එක ලඟ තිබ්බ බක්කි කරත්ත ටැක්සි දැකලා පුදුම වුනා මතකයි. මොකද ඒ වෙනකොට බක්කි කරත්ත අපේ පැතිවල ඒ කියන්නෙ බස්නාහිර පලාතෙ තිබුනෙම නැති තරම්.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අදටත් මාතර අවට සංචාරක කර්මාන්තයට යොදාගන්නා බක්කි කරත්ත දකින්න පුළුවන්

      Delete
  8. හසරැල් ඔන්න මමත් ගොඩවැදුන මේ පැත්තට. ඇත්තටම එවැනි ද දැන් කාලේ කොහෙන් දකින්නද කරත්ත දක්කපු අය දැන් ටුක් ටුක් අරන් වෑන් අරන්

    ReplyDelete
    Replies
    1. ඒක නෙව කෝරලේ මහත්තයෝ කියන්නේ ,කෝරලේ මහත්තය ලග බක්කියක් නැතෙයි

      Delete
  9. ස්කූල් සර්විස් වෑන් වගේ නේද ???

    ReplyDelete
    Replies
    1. රායිට් ,ඒ කාලේ එහෙම තමා

      Delete
  10. අනේ මාත් ආසයි මේ කරත්තෙන් ගමනක් යන්න. ගොඩක්ම පුංිච කාලේ නිකම් කරත්තෙකින් මම අපේ සීයා ඉන්න කලෙදි ගියා ආසාවට..දැන් නම් කොයින්ද..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. තාමත් පරක්කු නැහැ ,තාම ඉදල හිටලා එකක් දෙකක් දකින්න තියෙනවා

      Delete
  11. අනේ අපි ඉස්කෝලේ යනකාලේ බක්කි කරත්ත වලින් ළමයි ආවා මට මතක විදිහට සාන්ත තෝමස් බාලිකාවේ විලුහල්පතිනිය ගේ නිල රථය වෙලා තිබුනෙත් බක්කිකරත්තයක් එහෙමත් නැත්නම් අපේ බාසාවෙන් බග්ගියක් ඒ 1980 යුගය

    ReplyDelete

ඔහෙලා මක්කැයි කියන්නේ