Thursday, November 15, 2012

මාතර බත් කඩේ


අදනම් ටිකක් වෙනස් මාතෘකාවක් ,මාතර බත් කඩයක් දැකලා නැත්තේ කවුද ?කවුරුත් වගේ දැකලා ඇතිනේ , අර කවුද කියන්න වගේ හඳට යනකොට එහෙත් එකක් දාල තිබුනයි කියනවනේ  ,හැබැයි කොහේ තිබුනත් මාතර බත් කඩයක් නැති එක ටවුමක් නම් මේ ලංකාවේ තියෙනවා මං දන්නා තරමින් ,කියමුද බලන්න .........

දන්නැත්නම් දැනගන්න ඒ තමයි මාතර .....ඇත්තයි සත්තයි 

ඇත්තටම රටපුරා මාතර බත් කඩ ඇතිවීමේ ප්‍රවනතාවය ඇතිවුනේ කොහොමද කියලා අපි හොයලා බැලුවොත් ඒකට හේතු උනේ පහත හේතුවයි කියලා මං හිතනවා ,

මාතර උපන් පුද්ගලයින් රැකියාවල් සොයාගෙන යාම නිසා රට පුරා පැතිරුනා ,ඉතින් මෙහෙම ගමින් පිට උණු අය ඇරඹු කෑම කඩ වල ඔවුන් බොහෝවිට පිළිගැන්වූයේ තම ගම් ප්‍රදේශයේ කෑම වගේම ගමේ පිළිවෙලට සැකසු කෑම වර්ගයි,මොකද බොහෝ වෙලාවට මේ කෑම පිළියෙළ කලේ කඩේ මුදලාලිගේ මාය්යා නිසයි ,ඉතින් මෙහෙම කඩ ඔය බෝඩ් ලෑලි නොගැහව්වට නිකම්ම "මාතර බත් කඩ" උනා ,

මේ මාතර බත් කඩවල තිබුණු කෑම මොනවද ...

අනිවාර්යෙන්ම මේවා නම් තිබුනා 


රතු කැකුළු බත 


මාළු ඇඹුල්තියල් 

පොලොස්

පොල් සම්බල

දැන්නම් රට පුරා මාතර බත් කඩ , ඒ වුනාට ඒවා කීයෙන් කීයද නියම මාතර බත් කඩ වෙන්නේ ,

ගිහින් එන්නම් ,

ප ලි : අදනම් සුදානම් වෙලා දාපු පොස්ට් එකක් නෙමේ ,අඩු පාඩු ඇතොත් කමා කරනු මැනවි


19 comments:

  1. අඩේ කටට කෙලත් ඉනුවා බං..රසවෑහෙන පිංතූර ටික.

    ReplyDelete
  2. ඒවගෙම තමන්ගේ ගම එක්ක මිනිස්සු ඇදිලා යන හිතෛශිවන්ත ගතියක තියේනේ . ඉතින් මාතරින් ඔය නා නා පලාත්වලට ගිය බත් කඩ දාගත්තු අය ඒක වෙලඳ උපක්‍රමයකුත් කරගත්තා මොකද නොදන්න පැති වල ගිහින් කුසගින්නක් ආවම තමන්ගේ තැනකින් කන බොනවා වගේ ගතියක් දැනෙනවා නේ ඔහොම තැනකට ගොඩ නැග්ගම . මට අනන්ත ඕක වෙලා තියේ .

    කොහොමත් මාතර කෑම බීම හරි යුනීක් .උදේට රතු කැකුලු , පොල් සම්බල් , කිරි හොදි ඇඹුල් තියල් , ලුණු මිරිස මාතර ඕනෙම බත් කඩේක අදත් තීනවා වරදින්නේ නෑ .නමුත් කොලඹ උදේට බත් කනවා අඩුයි .මාතර ඉඳලා කොලඹ ආවම මට ඔය අබග්ගේ වෙනවා උදේ කන්න ගියාම . හෝඩුවාවක් කියන්නම් මාතර ඩිපෝව ඉස්සරහ පැට්‍රෝල් ශෙඩ් එකේ බත් කඩයක් තියේ ඔය රෙසිපියට පන්කාදු පහට කෑම දෙනවා :)

    අනික තව එකක් රතු කැකුලු වලට මනාප ඔය බෙන්තර ගඟෙන් එහා කට්ටිය . ඉතින් උදැලට ඔය සුදු බත් කන්න බෑ .ඒ නිසා මාතර කඩයක් බලලාම නවත්වන්නේ රතු බත් කන්න .

    කැම්පස් එකෙත් ගාල්ලේ කඩ මාතර කඩ තියේ :)

    ReplyDelete
    Replies
    1. අහ් තව එකක් මෑතක් වෙනකන් ලන්කාවෙ හොඳම බක්කරේලා ආවෙත් මාතරින් හා ඒ අවට ගාල්ල වගේ පැති වලින් .අවුරුද්ද කාලේ කොලඹ පාන් හිඟවෙන්න හේතුව මුන්දැලා ගමේ යනවනෙව ඒ කාලෙට .මඩකලපුව , යාපනේ පැත්තේ බේකරි කෙරුවාව කරේ ඔය පලාතේ කට්ටිය තමයි :)

      Delete
    2. ඇත්තටම මාතර තාම උදේට බත් කන්න පුළුවන් කඩ කීපයක් තියෙනවා ,හැබැයි ඒවා මාතර බත් කඩ කියලා බෝඩ් ගහලනම් නැහැ බේකරි කතාවත් ඇත්ත,

      යාපනේ බේකරි කරපු මාතර කට්ටියක් යුද්දෙන් පස්සේ ආයෙත් තමන්ගේ ඉඩම් හොයාගෙන ගිහිල්ල වෙච්ච අබද්දියකුත් පත්තරේ තිබුන මතකයි .

      Delete
  3. ඇත්තම තමයි... " මාතර බත් කඩේ " කියලා ගහපු බෝඩ්කෑලි හැම ටවුමෙම තියෙනවා නේන්න..

    මාතර කෑම ගැන කියද්දී මුල් පෙලට එන්නෙ රතු හාලේ බත් එක්ක මාළු ඇඹුල් තියල් නෙ.. අපි කොළඹ කන රතු හාල් නෙමේ මාතර පැත්තෙ ගන්නෙ. තම්බාපු රතු කැකුළු. ඒ බත් කෑවම බඩට යකඩ දැම්මා වගේ...බඩගිනි එන්නෙ නෑ මලාට...

    ReplyDelete
    Replies
    1. නියමම රතු හාලක් තියෙනවා මා වී කියලා [කෘෂිකර්මයේ විකුණන මා වී නොවේ ] ,මාත් අපේ කුඹුරේ දෙතුන් වතාවක් දැම්මා ,
      එකේ විශේෂත්වය තමයි අස්වැන්න ලැබෙන්න හය මාසයක් යනවා ,ගහත් අඩි 6 ක් විතර උස යනනිසා දෙපාරක් කප්පාදු කරන්න ඕන ,අස්වැන්න බාල වී වලට වඩා ටිකක් අඩු උනාට තෙල් පෝර ගහන්න ඕන නැහැ ,කුබුර ඒ තරම් මඩ කරන්න ඕනත් නැහැ ,

      බතනම් මසුරන් පහයි ,දැන් ගමෙන් පිට නිසා කුබුර අදේට දීල තියෙන්නේ ,දැන් ඉතින් ලැබෙන්නේ මිනිහ වගාකරන දෙයක් තමයි

      Delete
  4. මගෙත් ආසම හාල් රතු කැකුළු තමයි. හැබැයි ඔය කොළඹ පැත්තේ එහෙම රතු කැකුළු කියලා නිකන් රෝස පාට, මඩ පාට හාල් තිබුනට ඒවා නෙමෙයි නියම රතු කැකුළු.

    ලංකාවෙන් ආවට පස්සේ රතු කැකුළු කන්න විඳින වදේ මම විතරයි දන්නේ. ඔන්ලයින් ඕඩර් කරලා හාල් රාත්තලක් වගේ ගෙන්නාගෙන සතියකට සැරයක් රතු කැකුළු කන්න වෙලා තියෙන්නේ :(

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මෙහෙත් සුදු හාල්වලට ඩයි දාලනේ දෙන්නේ ,පහුගිය දවස්වල සැහෙන්න එහෙම කේස් අහු උනා

      Delete
  5. උදේ පාන්දර මේක බලලා බඩගින්නත් වැඩි උනා. මහරගම නම් මාතර කඩයක් තියෙනවා. හැබැයි ඔය කියන තත්වය ඒකට නෑ. කොහේ ගියත් කන්න පුලුවන් සුපිරි කෑම තමයි ඔය දාල තියෙන්නේ. ඕකට මැල්ලුමකුත් ආවනං කියල වැඩක් නෑ.
    මෙ වගේ පෝස්ට් දානකොට උඩින් දාන්න අවවාදයයි කෑමෙන් පසු බලන්න කියලා.

    ජය..

    ReplyDelete
    Replies
    1. මාත් ඔය මහරගම බත් කඩෙන් කීපවතාවක් කාලා තියෙනවා ,කෑම හොද උනාට මාතර රසේ නැහැ ,

      Delete
  6. අඩේ අෆ්ෆා .... මගේ කටට කෙලත් ඉනුව. බල මාළු ඇඹුල්තියලකුයි පොළොසුයි පොල්සම්බලකි තිබුණ නම් බත් මරන්න තිබුණ. මම නම් කැකුළු හාල්වලට වඩා සුදු කැකුලට කැමතියි. ඒත් අපේ ගෙදරත් නිතරම උයන්නෙ රතු කැකුළු.

    මාතර ටෙක් එකේ තිබුණු වැඩමුළුවකට කෙළඹින් ආපු පොරක් (එයා කොළඹ කැම්පස් එකේ වැඩකළේ එතකොට) එයාගෙ දේශනයෙදි කිව්ව ඊට කලින් දවසෙ රෑ වැඩමුළුවෙ වැඩටික පිළිවෙලක් කරල කට්ටිය කන්න යනකොට ටවුන් එකේ බත් කඩ ඔක්කොම වහලලු. මෑන් කිව්වෙ මුළු ලංකාව වටේ මාතර බත් කඩ තිබුණත් මාතර නගරයෙ මාතර බත්කඩයක් නෑ කියල. ඔය සිදුවීම වෙල දැන් අවුරුදු කීපයක් වෙලත් මට අදටත් ඔය කතාව මතකයි.

    ReplyDelete
    Replies
    1. මාත් සුදු හාලට ආස උනාට අපේ කුඹුරේ හැමදාම දාන්නේ රතු ඒවා

      Delete
  7. ඒකනම් ඇත්ත අපේ ටවුමේත් මාතර බත් කඩ දෙකක්ම තියෙනවා. :)

    ReplyDelete
  8. හප්පේ කියල වැඩක් නැහැ අපේ කිරුලපනත් තියෙනවා මාතර බත් කඩයකුයි මාතර හොටලෙකුයි.

    ReplyDelete
  9. ගම්පහ බෙහෙත් ශාලාව වගේ තමා :D

    ReplyDelete

ඔහෙලා මක්කැයි කියන්නේ