Wednesday, November 14, 2012

සුල්තානගොඩ කළු මහත්තයා - මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 02

මාතෘකාව දැක්ක ගමන් කාටවත් ක්ලික් වෙන්න නැතුව ඇති මං අද මේ කවුරු ගැන කියන්න යනවද කියලා ,අද මං කියන්න යන්නේ සුල්තානගොඩ කළු මහත්තයා නොහොත් හේවා කොමනගේ ධර්මදාස මහත්තයා ගැනයි ,ම්හු .. ඒත් මතක වෙන්නේ නෑ නේද ? එහෙනම් මෙහෙම කියමු ,එච් .කේ .ධර්මදාස නොහොත් " නවලෝක මුදලාලි ",ආ.... දැන්නම් කවුරුත් දන්නවා නේද ,හරි හරි දැන් ඔය ඇරිලා තියෙන කට වහගෙන ඉතුරු ටික කියෝමු .



මේ ඉන්නේ අපේ කාලයේ චුල්ල සෙට්ටි සිටුතුමා කිව්වොත් වැරදි නැහැ 

1920 ජුනි මස 20 වෙනිදින මාතර සුල්තානගොඩ වරකපිටිය වත්තේ ජන්ගිරිස් අප්පුහාමිටත් මද්දුම හාමිනේටත් ලැබුණු පුත්‍ර රත්නය වන මෙතුමාට ගමේ අය ආදරේට කිව්වේ කළු මහත්තයා කියලයි ,ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ හැදී වැඩුණු මෙතුමා පසුකාලීනව කෙතරම් ඉහලට ගියත් එම ගැමිසුවදනම් අමතක කලේ නෑ ,




සුල්තානගොඩ නිවස වර්තමාන ස්වරූපය 

කළු මහත්තයාට වයස 13 ක් වෙනකොට සිද්ද උණු පියාගේ වියෝව මෙතුමාගේ ජීවිතයේ හැරුම් ලක්ෂය වෙනවා ,පියාගේ අවසන් කටයුතු වලින් පසුව තමා සතුව තිබු සත 75 ක මුදලත් ඇදුම් කඩමාලු කීපයත් පත්තර කැබැල්ලක දවටා ගන්නා මෙතුමා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි තමන්ගේ අනාගතය සරි කරගැනීම සදහා කොළඹ එනවා ,

කොළඹ ඇවිත් මාතර වෙළෙන්දෙකු වන පියදාස මුදලාලි හමුවීමට යන මෙතුමා එහිදී තමන්ගේ අරමුණු ඉෂ්ට නොවන බව දැන පසුදාම සදලන්කාව ප්‍රදේශයේ සිටින තම පියාගේ හිතවතෙකු වන මනම්පේරි මුදලාලි හමුවීමට ගොස් එහි වසර දෙකක් පමණ සේවය කරනවා ,නැවතත් කොළඹ පියදාස මුදලාලි හමුවට ඇවිත් එහිත් තව වසර දෙකක් පමණ සේවය කරනවා ,

මෙම කාලය තුල විශාල ප්‍රමාණයක් වෙළෙන්දන් හදුනා ගැනීම මත කළු මහත්තයා තීරණය කරනවා තමන්ගේම වෙළදාමක් ඇරඹීමට ,එහිදී ඔහු තමන්ගේ වෙළදාම ඇරඹීමට තෝරාගන්නේ පෑලියගොඩ ප්‍රදේශයයි ,පසුකාලේයෙදී ඔහු ප්‍රකාශ කල ආකාරයට ඔහු එම තීරණය ගත්තේ කොළඹට එන සියලුම කරත්ත පාහේ කොළඹට ඇතුළුවෙන්නේ පෑලියගොඩ හරහා නිසයි ,

මේ කාලයේ තමන්ගේ අනාගත සහකාරිය තෝරාගන්නා කළු මහත්තයා විවාහ දිවියට එළබෙන්නේ තමන් දිවා ආහාරය ලබාගන්න අවන්හල පවත්වාගෙන ගිය මීලින් නෝනා සමගයි ,මීලින් නෝනාගේ සහෝදරයින් මුලින් මෙම කටයුත්තට අකමැත්තක් දැක්වූවත් පසුව එකග වෙනවා ,



විවාහය කළු මහත්තයාගේ ජීවිතයේ නව පිටුවක් පෙරලුවායයි කිව්වොත් වැරදි නැහැ ,කළු මහත්තයා තමන්ගේ තේ , පොල් , රබර් වෙළදාම සිදුකරන අතරේ මීලින් නෝනා තමන්ගේ අවන්හලේ කටයුතු කරගෙන යනවා ,මේ කාලෙදී තමන්ගේ වෙළදාම තවදුරටත් පුළුල් කරන කළු මහත්තයා ලී වෙලදාමටත් අත තබනවා ,කොන්ත්‍රාත් කටයුතු වලටද අත ගහන කළු මහත්තයා අවන්හලේ කටයුතු සීමා කිරීමට තීරණය කරන්නේ  ගවමස් කෑම සහ මත්පැන් පානය තමන්ගේ ආගම දහමට එකග නොවන නිසයි ,මේ කාලෙයේම තමන්ගේ ව්‍යාපාරය "නවලෝක" නමින් නම් කරන්නත් කළු මහත්තයා කටයුතු කරනවා ,

මෙලෙස ටිකෙන් ටික ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නා මෙතුමාටත් 1977 විවුර්ත ආර්ථිකය හදුන්වාදීමත් සමග දේශීය ව්‍යාපාරිකයින් මුහුණ දුන් අභියෝග සියල්ලටම මුහුණ දෙන්න වෙනවා , එම අභියෝගයත් සාර්ථකව ජයගන්නා මෙතුමා නවලෝක රෝහල ඇරඹීම මගින් තමන්ගේ නවලෝක සමුහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරනවා ,

විවාහය මගින් දියණියන් සිව්දෙනෙකු  සහ ජයන්ත සහ උපාලි නම් පුතුන් දෙදෙනෙකු ලබන මෙතුමා තමන්ගේ දරුවන් නිසි අද්‍යාපනය ලැබූ පසු තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ද කරගන්නවා ,හැබැයි ඒ ඉහලම තැනින් නම් නෙමෙයි ,පහලම තැන ඉදලා ඉහලට එන්න ඔවුන්ට ඉඩ සලස්වලා දෙනවා ,




පහේ පන්තිය දක්වා පමණක් අද්‍යාපනය ලැබූ මෙතුමා තමන්ගේ දර්ශනය මගින් ඉහලට නැග්ග ආකාරය පුදුම සහගතයි ,පසු කාලෙදී එතුමා විසින්ම එතුමාගේ දියුණුවට හේතු උණු කරුණු දැක්වුවා ,එනම් මුල අමතක නොකිරීම, "නෑ" , "බෑ" උත්තර ලෙස බාරනොගැනීම,ධාර්මිකව හම්බ කිරීම සහ වියදම් කිරීම ,අපතේ යාම නැවතීම සහ අද කලයුතුදේ අදම කිරීමයි ,

අදවනවිට ලංකාවේ ලොකුම සමුහ ව්‍යාපාරයක් වන නවලෝක ව්‍යාපාරයේ කටයුතු තමන්ගේ අවසන් කාලය දක්වාම තමන් යටතේ පවත්වාගත් මෙතුමා සාම දිනකම උදෑසන 10.15 සිට හවස 5.00 වනතෙක් තමන්ගේ කාර්යාලයේ රැදී සිටියා ,නැගී එන ව්‍යාපාරිකයින්ට කළමනාකරණ පොත් දහසකින්වත් ලබාගත නොහැකි ගුණාංග මෙතුමාගේ ජීවිතය අද්යයනය කිරීමෙන් ලබාගත හැකියි ,

දේශමාන්‍ය ගරු නාමයෙන් පුද ලද මෙතුමා 2011 අගෝස්තු මස 10 වෙනිදා දැයෙන් සමුගත්තා ,

22 comments:

  1. ශත 75 (මම නම් අහල තිබුනෙ ශත 50 කියල) අරන් කොළඹ ගිය මනුස්සය මැරුනෙ කෝටිපතියෙක් වෙල. තවත් පවුල් සියදහස් ගණනකට රැකියා අවස්ථා උදාකරල. අදටත් ඔය පෑලියගොඩ පැත්තෙ මීගමුපාර දෙපැත්තෙ නවලෝක ව්‍යාපාරික ස්ථාන කොච්චරනම් තියෙනවද? ඇත්තෙන්ම වචනයේ පරිසමාප්තියෙන්ම ව්‍යාපාරිකයෙක්, ආදර්ශවත් පුද්ගලයෙක් කියල මමත් හිතනව.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙත් ඕන තරම් ව්‍යාපාරිකයෝ හිටියා ,හැබැයි ඒ කවුරුවත් පෑලියගොඩ තිබුණු ස්ථානීය වාසිය දැක්කේ නැහැ ,අලෙවිකරණයේ මුලික සිද්දන්තයක් ක්‍රියාවට නැංවූ හැටි අපූරුයි නේද ?

      Delete
  2. වී පොකුරේ දාලා තිබ්බ පාර දිගේ මාත් ආවා මේ පැත්තට...අපිවත් මේ අඩවියට පිළිගන්නවා නේද ?

    ඔය නවලෝක මුදලාලිගේ කතාව කලින් අහලා තිබ්බා. ඔය තරම් දියුණු වෙන්න උත්සාහය..කැපවීම වගේම ව්‍යාපාරික නුවණත් ඉවහල් වෙන්න ඇති... මේ වගේ දිරිය වන්ත මිනිස්සු ගැන කියවන්න මම ආසයි..


    ReplyDelete
  3. සාදරයෙන් පිලිගන්නවා,ඔයා වෙන්නප්පුව පැත්තේද ?

    ReplyDelete
    Replies
    1. ඔව්. මම වෙන්නප්පුවේ.. :)

      Delete
    2. මං මේ දවස්වල වැඩකරන්නේ දන්කොටුවේ

      Delete
    3. දන්කොටුව ස්පෙෂල් නිෂ්පාදනාගාරයකද වැඩ...?

      Delete
    4. අප්පට හුඩු ,එහෙම එකක නෙමේ ,දැන් මෙහෙ ඒවා අඩුයි

      Delete
  4. එතුමා මියගිහිල්ල කියල මතකයක් තිබුනෙ නැහැ. ඔයවගේ ලංකාවෙ දියුනු උන අය කොච්චර ඉන්නවද...දෛවය කියන්නෙ ඒකට තමයි.ඒ වගේම උත්සාහය.

    ReplyDelete
    Replies
    1. දෛවය වෙනස් කරන්න උත්සාහයට පුළුවන් බව එතුමා පෙන්නලා දුන්නා

      Delete
  5. මේ අය ගැනත් ඉදිරියට ලියාවි කියා හිතනවා

    1. සී.ඒ හරිස්චන්ද්‍ර හරිස්චන්ද්‍ර කර්මාන්තායතනය

    2. සිරිසුමන ගොඩගේ

    3.වික්ටර් හෙට්ටිගොඩ

    4. නිපොලැක් පේන්ට්ස් හිමිකරු

    5.ලකී යෝර්ගර්ට් හිමි කරු

    ඒ වගේම මාතර 18 වෙනි සියවසේ හිටි දානපතියෙක් වුන සරම් මුදලි තුමා අර ග0ගා රෝහණ පූජාව කලේ .

    හතරවෙනි හා පස්වෙනි දෙන්නගේ නම් අමතකයි සමාවෙන්න .

    ඒක දෙයක් කියන්න ඕනේ .මාතර කියන්නේ 18 සියවසේ සුද්දගේ කාලේ ඉඳන් කොමර්ශල් හබ් එකක් අදත් එහෙමයි . දොන් කරෝලිස් ඉඳන් , හරිස්චන්ද්‍රලා හෙට්ටිගොඩලා වෙනකන් අලුත් වෙලඳ පැලැන්තියක් වෙන විදියකට කිව්වොත් ලන්කාවේ නව බූර්ෂුවා ධනවතුන් මාතරින් බිහිවුනා ඔවුන් ආගම දහමට අධ්‍යාපනයට සේවය කලා . මේ අලුත් බූර්ෂුවා කට්ටිය බිහිවුනේ ඔවුන් ඉක්මනට එවක තිබූ සමාජ ක්‍රමයට එක් වීම හා පොල් ඉඩම් වලින් , කොප්පරා වෙලඳාමෙන් ලැබුණ ආදායම .සී .ඒ හරිස්චන්ද්‍ර පටන්ගත්තේ එතනින් .ඒවගෙම මාතර වෙනකන් ආව මුහුදුබඩ දුම් රිය පාරත් මේ අලුත් වෙලඳ පැලැන්තිය නගින්න හේතුවුන . රිසර්ච් එකක් කරන්න නියම ටොපික් එකක් මේක කාටහරි

    ReplyDelete
  6. ඇත්තටම මං ඊලග පොස්ට් ඒකට කරුණු හොයන්නේ සී ඒ හරිස්චන්ද්‍ර ගැන තමයි ,දැනටත් ටිකක් හදලා තියෙන්නේ ,

    නිපොලක් හිමිකරු - රාජා හෙවාබෝවලගේ මහතා

    ලකී යෝගට් හිමිකරු - ලාල් කීර්ති ගුනවර්දන මහතා

    ඔය පරපුරේ තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි house of fashion අයිතිකරු

    ReplyDelete
  7. එතුමා මැරුණා කියලානම් දැනගෙන හිටියේ නැහැ. ඉතාමත් දෛර්යවන්ත මනුස්සයෙක්. ඒ ප්‍රතිපත්ති ටික කාට උනත් වටිනවා. .

    ReplyDelete
  8. ඇත්ත කතාව ඕක නෙමේ පුතා. ඒ කාළේ සිරිතක් තිබුනා දේශපාලකයන් යටි මඩි ගහන මුදල් හිතවත් ව්‍යාපාරකයින් අතට පත් කිරීම. ප්‍රේමදාස මහත්තයගෙ බිස්නස් ඔක්කෝම කළේ නවළෝක මුදලාලි. කොළඹ අවට ඇති මුඩු ඉඩම් නොමිලේම වගේ මුදලාලිට හම්බ උනා. උදාගම් හැදිලි, රජයේ කොන්ත්‍රාත්, උදාගම් සැණකෙලිය. වගෙ සියළුම දේ ලබාගන්න ඒකාධිකාරියක් තිබුනා. මේවයින් කොටසක් ප්‍රේමදාස මහත්තයටත් ලැබුනා. ඔය නවළෝක ඉස්පිරිතාලය තිබෙන බූමිය නොමිළේම වගේ ලැබුන දෙයක්. ඔය වගේ තව කීප දෙනෙක් ඒ ඒ දේශපාලකයන් මිය ගිය නිසා ගොඩ ගියා. නෝ ලිමිට්ස් එයින් කෙන්ක්. නමුත් ලද වස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඉහලටම යාමේ දක්ෂතාවය නම් එතුමාට තිබුනා.

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන එක ඇත්ත, ප්‍රේමදාස මහත්තයගෙ නමත් එක්ක බැඳුනු චරිතයක් තමා නවලෝක මුදලාලි. මමත් ඔය සිදුවීම් ටිකක් අහල තියෙනව, දෙන්නම එක ජාතියෙ මිනිස්සුනේ. ඒත් මම හිතන්නෙ මේ වගේ මහ පරිමාණ ව්‍යාපාර ගොඩනගන කොට පවතින රජයෙ සහය අත්‍යවශ්‍යයි. (හොඳ පැත්තට හෝ නරක පැත්තට, මෙතැනදි සුවිශේෂීම කරුණ නිලධාරීන් හෝ අවශේෂ දේශපාලකයින් සමඟ නැතුව ඍජුවම රාජ්‍ය නායකය සමඟම ඇතිවන සබඳතාවය) ඔය උපාලි විජයවර්ධන බෑන පොඩ්ඩගෙ නමත් එක්ක ඒ කාලෙ නිතරම ජේ. ආර්. මාමගෙ නමත් කියවුනා නේද? අනෙක චන්ද්‍රිකා මැතිණිගෙ කාලෙ වුනත් ඔය හැරී ජයවර්ධනල ගැන එහෙම කියවුනෙ. ඒ නිසා මමත් හිතනව ඔබ කියල තියෙනව වගේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඉහළටම යන එක තමයි මෙතැනදි වැදගත්ම දේ.

      Delete
    2. කතාව ඇත්ත ,ඒක තමයි මං කිව්වේ අනිත් අය නොදැකපු දේවල් තමන්ගේ වාසියට හරවා ගන්න ඔහු සමත් උනා කියලා ,කොහොමත් ප්‍රේමදාස යුගය තමයි නවලෝක ව්‍යාපාරයේත් ස්වර්ණමය යුගය උනේ ,

      මං තව කතාවක් කියන්නම් අපි හිතමු නවලෝක මුදලාලි කවුරුහරි වෙනත් ව්‍යාපාරිකයෙක් එක්ක දුරකතනයෙන් එකගතාවයකට ආව කියලා ,කෝල් එක ඉවර උණු ගමන්ම තමන්ගේ සේවකයෙක් යවලා ඒ ඇතිකරගත්ත එකගතාවය ලිඛිතව ගෙන්න ගන්නවලු ,එතකොට තමන්ගේ වාසිය නැතිව නොයන නිසා ,

      හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා ප්‍රේමදාස මහත්තයා අල්ලන්න තරම් වැඩක් කරන්න ලේසි පාසු පුතෙකුට පුළුවන් වැඩක්ද ?

      මං කෙනෙක් ගැන විස්තර කරද්දී සුදු පැත්ත විතරක් ලියවෙන එක අඩුපාඩුවක් බව මට පේනවා ,ඉස්සරහට ඒක හදාගන්නම් ,ඇත්තටම මාතලන්ගේ කොමෙන්ටුව දැක්කම ගොඩක් සතුටුයි ,මොකද මං මේ බ්ලොග් එකේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අදහස් උදහස් පැනනැගෙන ඒක තමයි

      Delete
    3. මම සනත් ගේ එකට කොමෙන්ට් නොකලේ ඒකයි සනත් අද ක්‍රිකට් වෘත්තිකයින් අතරෙත් අප්පිරිය පොරක්. ඒවා වහගන්න තමයි බලෙන්ම පකිස්ථාන් ගියේ.

      Delete
    4. // මං කෙනෙක් ගැන විස්තර කරද්දී සුදු පැත්ත විතරක් ලියවෙන එක අඩුපාඩුවක් බව මට පේනවා ,ඉස්සරහට ඒක හදාගන්නම් //

      ඕක යාළුව කෙනෙක්ගෙ ජීවිත කතාව තව කෙනෙක් ලියද්දි අනිවාර්යෙන්ම වෙන දෙයක්. ඒනිසා මම නම් සාමාන්‍යයෙන් චරිත කතා කියවන්න අකමැතියි. ඒත් හුඟක් දුරට ස්වයං චරිතාපදානයක් ලියන අය එහෙම නෙවි. ඒ නිසා ස්වයං චරිතාපදාන නම් ගොඩක් රසවත්.

      Delete
    5. ඒක ඇත්ත ,මොකද අපිට වැඩිපුර තොරතුරු හොයාගන්න තියෙන්නෙත් හොද පැත්ත ගැන විතරනේ

      Delete
  9. එක ඒ මහත්තයාගේ උත්සහයයි වාසනාවයි. අද කාලේ යට වැඩි දුරක් යන්න බැරි සෝබනේ වැඩි නිසයි. මම අහල තියෙනවා නවලෝක මුදලාලි සෙරෙප්පු දෙකක්වත් දන්නේ නැති කෙනෙක් කියල.

    ReplyDelete
    Replies
    1. ඒකනම් මං හරියට දන්නේ නැහැ ,කොහොම උනත් අන්තිම කාලේ වෙනකල් තමන්ගේ ගනුදෙනු ඔක්කොම CR පොතක් ලහ්ග තියාගෙන ලිව්වලු

      Delete

ඔහෙලා මක්කැයි කියන්නේ