Wednesday, December 26, 2012

අවුරුදු අටකට කලින් අද වගේ දවසක


2004 දෙසැම්බර් 26 

මාතර අපි වගේම මුළු රටම මුහුණදුන් අදුරු දවසක් ,එදා අපි කවදාවත් අහලා නොතිබුණු කවදාවත් දැකලා නොතිබුණු මහා විනාශකාරී සුනාමි දල රල පෙළ අපේ රට වෙලා ගත්ත දවස ,එදා ඉරිදා දවසක් ,ඒ වගේම පසලොසවක පෝය ,ඒ කාලේ සමහර දවස්වලට මාතර beach road  එක කොහොමත් මුහුදු රලවලින් වැහෙනවා ,ඒකනිසා එදා කොටුවේගොඩ ඉරිදා පොලට ආපු අය මුලින් ආපු පොඩි රළපහර ගනන්ගන්න නැතුව ඇති ,

කොහොමුනත් එදා ආපු දල රලපෙල අපගේ සමීපතමයන් රැසක් අපගෙන් වෙන්කළා .එදිනට පසු දින සිට සතියක් පමණ යනතෙක් මම සහ මගේ ගමේ යහළුවන් රැසක් සහනසේවාවල ස්වේච්චාවෙන් නියුතු උනා ,ඒ සතිය තුල අත්දුටු අත්දැකීම් මිනිසෙකුට තම මුළු ජීවිත කාලයතුලදීම සමහරවිට ලබාගන්න බැරිතරම් කියලා මට  හිතෙනවා .
මනුෂ්‍ය ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගැනීමට එවැනි අවස්ථාවක් මිනිසෙකුට තමන්ගේ ජීවිතයේදී නොලැබෙන්න පුළුවන් .

එදා සුනාමි රල පහරට ලංකාවේ දකුණු නැගෙනහිර සියලුම වෙරළාසන්න නගර විනාශ වුනත් මාතර නගරයේ කොටුවේගොඩ හැර නගරයේ අනෙත් කිසිදු පෙදෙසක් සුනාමි රල පහරට ගොදුරු වුනේ නැහැ ,ඒක ඔයාලට තේරුම්ගන්න ලේසිවෙන්න ඔන්න මම පහල පින්තුරය දානවා .
පැහැදිලි මදිනම් ටිකක් ලොකුකරලා බලන්නලා හොදේ.



මාතර නගරය හරහා ගලා යන නිල්වලා ගඟ තියෙන්නේ මාතර නගරයට වඩා ගොඩක් පහලින් ,ඒක නිසා මුහුද දෙසින් ආපු රල පහර කොටුවේගොඩ ප්‍රදේශය හරහා ඇවිත් කෙලින්ම නිල්වලා ගඟට වැටුනා ,එහෙම වැටුණු රල පහර ගඟ දිගේ ඉහලට සහ පහලට ගලාගෙන යාම් නිසා එහි රුදුරු බව අඩුවුනා ,ඒ වගේම ගඟ නගරයට වඩා පහලින් ඇතිනිසා මුහුදු රල ගඟෙන් මෙහාට ආවෙත් නැහැ .ඔන්න ඔහොමයි ගඟ නිසා මාතර නගරය බේරුනේ .

එදායින් අවුරුදු 8 ට පස්සේ අද වෙනකොට ගොඩක් දෙනෙකුට ගොඩක් දේවල් අමතකයි ,හැබැයි රටක් විදිහට අපේ රට ඉතිහාසයේ මුහුණදීපු ලොකුම ස්වබාවික විපතෙන් මේ තරම් ඉක්මනට නැගිටපු එක ගැන අපිට ශ්‍රී ලාංකිකයින් වශයෙන් සතුටුවෙන්න පුළුවන් .


මාතර සුනාමි ස්මාරකය 

මාතර අපි අතරින් වෙන්වුණු පිරිස වගේම පැරලියේදී සුනාමි දුම්රියේදී ජීවිත හැරදා ගිය අපේ සහෝදරයින් ,ඒ වගේම මේ විපතින් අපට අහිමිවුණු මුළු ශ්‍රී ලාංකික ජනතාවම සිහිකිරීම අපේ යුතුකමක් .හැබැයි ඒ අවුරුද්දකට සැරයක් දෙසැම්බර් 26 විතරක් නෙමෙයි .අපට පුළුවන් හැමවෙලාවකම .







16 comments:

  1. දුක්බර මතකයක්..

    ReplyDelete
  2. ඒ දවස්වල අපිට ඉරිදා උදේ 9 - 12 කොටුව ඇතුලෙ කම්පියුටර් ක්ලාස් එකක් තිබුණා, වෙලාවට එදා පෝය නිසා ඒක නිවාඩුයි, එහෙම නොවුනනම් මම අද සමහරවිට ජීවතුන් අතරත් නොඉන්නත් තිබුණ. ගෙදර හිටිය කියල වැඩි වෙනසක් නෑ, රැල්ල එද්දි දුවල බේරුනේ. අපෙත් ඥාති හිතමිත්‍ර අය කීප දෙනෙක්ම නැති වුනා, අපේ තාත්තගෙ ලොකු අයියත් ඒ අතර. මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනව, දවස් දෙකකට විතර පස්සෙත් ඉඳිමිල කුණුවෙල තිබුණ හඳුනා නොගත් මල සිරුරු අස්කරනව මම දැක්ක. ඒ වගේ දේවල් බලන්න අමාරු නිසා මම ළඟට ගියේ නෑ, ඈතට දැක්ක විතරයි, පොලිතින් උරවලට දාලා අරන් යද්දි ළඟටම අතක් නම් දැක්ක. වෙච්ච පාඩුව ගෙවල් ඉඩම නැවත ශුද්ධකරගන්න හැම දෙයක්ම යථා තත්ත්වයට පත්කරගන්න වෙච්ච මහන්සිය කියල වැඩක් නෑ. ආයෙත් නම් හතුරෙකුටවත් එහෙම කරදරයක් වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මල සිරුරු ඉවත්කරන්න මමත් උදව් උනා ,සමහර මිනීවල උස්සනකොට අත් එහෙම ගැලවිලා එනවා ,මනුස්ස ජීවිතේ කියන්නේ මේක නේද කියලා ඒ වෙලාවට හිතෙනවා ,කොටුවේගොඩ කොන්වන්ට් එකට එහා පැත්තේ ක්ලාස් එකක මිනී අස්කරේ අපි ,ඔක්කොම අවුරුදු 10-15 ළමයි මැරිලා හිටියේ එතන ,මමත් එදා chemistry class වල ගැහුවා.ඒක නිසා මාත් ගෙදර හිටියේ ,

      Delete
    2. මට මතක් වෙන්නෙ සතියකට විතර පස්සෙ පොල්හෙනෙදි හම්බවෙච්ච මිනිය. හොදටම ඉදිමිලෙ, හම ගිහිල්ල.... හයියෝ සංසාරේ....

      Delete
    3. ඇයි සතියකට විතර පස්සේ s k ෆිල්ම් හෝල් ඒක ඇතුලේ තිබිලත් මිනියක් අහුවුනා

      Delete
  3. එදා පොළේ ආපු මිනිස්සු වැඩි හරියක් සුනාමියට අහු උනා. මාතරට විතරක් නෙමෙයි වෙනත් ගොඩක් නගරවලත් එදා ඉරිදා නිසා පොළ දවස.

    මාත් එක්ක පොඩි කාලේ ඉඳලම එකට ඉඳපු හොඳම යාලුවෙකුත් නැති උනා. එදා පොල්හේනේ නාන්න යන්න ඉඳපු අපේ ගෙදර කට්ටියත් බේරුනේ නූලෙන්. සුනාමිය ඉස්සර වෙච්ච නිසා.

    ReplyDelete
    Replies
    1. කාගේ කාගේත් කවුරු කවුරුහරි මේ විපතින් නැතිවුනා

      Delete
  4. මාතර ටවුන් එක බේරුනාට, කොටුව, තොටමුණ එහෙම සෑහෙන ලොකු විනාසයක් වුනා නේද අයියේ..
    ඒ කාලේ විඳවපු තරමක්.. හතුරෙක්ටවත් එහෙම දෙයක් වෙන්න එපා කියල තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මට නම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි මං කිව්වේ කොටුවේගොඩ විනාශ වුනාට ටවුම බේරුනා කියලා ,තොටමුනත් සැහෙන්න විනාශ වුනා .
      මට මතකයි සුනාමියට පස්සේ දවසක් මම ඔයාලගේ ගෙදර ඉන්න දවසක රෑ ආයෙත් සුනාමියක් එනවා කියලා මිනිස්සු ඉවත්කරා ,එදා ඔයයි සුරනුයි මාතරද කොහෙද ?මායි අයියයි ,ඔයාලගේ ආච්චියි ජිනේ අන්කල්ගේ ගෙදර ගියා ,ඔයාලගේ තාත්තා ආවේ නැහැ ඒ වෙලාවේ මිනිස්සු එක්ක ඉන්න ඕන කියලා .කොහොමහරි සුනාමි ආවේ නැතිනිසා ටිකකින් අපි ආපහු ආවා .

      Delete
  5. අපි ඔවුන්ව සදා සිහිකර මෙවන් විපතක් යළි නොවන්නට පතමු

    ReplyDelete
    Replies
    1. හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා

      Delete
  6. කොයි හසරැල්, ලියන්න අදහසක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මගේ අනිත් බ්ලොගේ වන හසරැල්ලක් ලියනවනේ ,ඊලග මාසේ ඉදන් ආයෙත් වැඩ පටන්ගමු.

      Delete
    2. ඊළඟ මාසෙ කිව්වේ ..... 2014 පෙබරවාරිද බං.

      Delete
    3. ඒක ලියන ගමං මේකත් ලියමු.

      Delete

ඔහෙලා මක්කැයි කියන්නේ